සදුදා, 17 ජූනි 2024 09:14

2025 අප්‍රේල් 1 සිට පදිංචි සහ හිස් දේපළවලට කුලී ආදායම් බද්දක් Featured

IMF යෝජනාවක්

2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් මෙය හඳුන්වාදීමට යෝජනා කර ඇති බව එම අරමුදල සඳහන් කරයි.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවත් මෙම බදු ක්‍රමය 2025 වසර වනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලැබෙන ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම බවත් මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි ආදායම මත පදනම් වන බවත් මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම ව්‍යවස්ථාමය සීමා හේතුවෙන් ප්‍රමාදවීම නිසා මෙලෙස නව ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත හා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website