අඟහරුවාදා, 18 ජූනි 2024 10:27

දේපළ බද්දෙන් වැඩි අවධානය ඉහළ වත්කම් ඇති අය දෙස මුදල් අමාත්‍යාංශය කියයි Featured

2025 වසරේ අප්‍රේල් සිට බලාත්මක කිරීමට නියමිත දේපළ බද්ද තුළින් අවධානය යොමු කරනුයේ සාමාන්‍ය ආදායම් ලබන්නන් නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය ඊයේ (17දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක සහ 2026 සමස්ත වර්ෂයට දළ දේශීය නිෂ්පාදිතයන් 0.4%ක ආදායමක් මෙම බද්ද පැනවීම මඟින් අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ. තවද ලබන වසරේ ආදායම් ඉලක්ක කරගැනීමට උපකාර වන ප්‍රධාන ආදායම් ක්‍රමවේදය දේපළ මත වන ධන බද්දක් බවත් එය IMF වැඩසටහන මගින් යෝජනා කරන ලද බවත් එහි සඳහන් වේ. ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයන්ට අයත් දේපළ මත බද්ද තහවුරු කරමින් සුදුසු බදු සීමාවන් පැනවීම හරහා යෝජිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම ද මෙහිලා අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීරණ මූල්‍ය පහසුකම් වැඩසටහන සම්බන්ධව මෑතකදී ප්‍රකාශ වී ඇති ලියවිල්ලේ සඳහන් කුලී ආරෝපිත බද්ද පිළිබඳ කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website