ඉරිදා, 23 ජූනි 2024 08:51

ගෙවීම් පැහැර හැරි ආයතන 15000කට නඩු… Featured

අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති ආයතන 15000 එරෙහිව නඩු පවරා ඇතිබව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එම කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට නඩු 5000 ආසන්න සංඛ්‍යාවක් අක්‍රීය තත්වයේ පැවති බවයි.

 

අදාළ ආයතන වල ලිපිනයන් නොමැති වීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශ ගතවීම ඊට හේතුවී තිබේ.

 

කම්කරු දෙපාර්තමේන්තුව 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධන විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කැඳවා තිබූ රැස්වීමකදී මේ බව අනාවරණය වී තිබේ.

 

සියලු දිස්ත්‍රික්ක වල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැර හැර ඇති සේවා යෝජකයින් පිළිබඳව සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාව ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව එහිදී කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීම සිදුවිය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website