සදුදා, 24 ජූනි 2024 15:24

මහජන, ලංකා බැංකු රජයට මුදල් දීම අත්හිටුවයි.. Featured

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් මෙම පියවර ගෙන ඇති අතර රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම හා රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මෙම තත්ත්වය ළඟා කර ගත් බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.

අභියෝග රැසක් මැද 2023 වසරේදී මහා භාණ්ඩාගාරය විසින් මෙම තත්ත්වය ළඟා කරගෙන ඇතැයි ද පැවසූ ඔහු එය මෙරට ආර්ථිකයේ විශේෂ ජයග්‍රහණයක් බවද පැවසුවේය.

අද වන විට ආර්ථිකය යම් ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බවත් දිගු කලක් රට තුළ පැවති මුල්‍ය විනය නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website