අඟහරුවාදා, 25 ජූනි 2024 16:24

වානන කොටස් ගෙන්වන්න එක සමාගමකට අවසර.. කොටස් මුවාවෙන් ගේන්නේ වාහන.. Featured

මෙරට විදුලි වාහන එකලස් කිරීම සඳහා තනි සමාගමකට ප්‍රතිලාභ සැලසෙන ලෙස කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම සමාගමට වාහන එකලස් කිරීමට තීරු බදු රහිතව වාහන කොටස් ආනයනය කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය විසින් මෙසේ අනුමැතිය ලබා ගෙන ඇති බව සංගමය ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා පවසයි.

 අදාළ සමාගම දැනටද සිදු කරනු ලබන්නේ මෙරට වාහන කොටස් ගෙන්වන මුවාවෙන් තීරු බදු රහිතව වාහන ගෙන්වා ඒ සඳහා සියයට තිහක අගයක්ද එකතු කර අලෙවි කිරීමට කටයුතු කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

 ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website