සිකුරාදා, 28 ජූනි 2024 14:50

අධිවේගයේ ටිකට් නැතිව යන්න අවස්තාවක්.. Featured

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පැවසීය.

ටිකට්පත් නිකුත් කරන සේවකයන්ගේ හිඟයක් ඊට හේතුවී තිබේ.

 ටිකක් පත් නිකුත් නොකරද එම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට බාධාවක් නොමැති දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

 එලෙස අතුරුගිරිය පිවිසුමෙන් ඇතුළු වූ බව පිටවීමේ පර්‍යන්තයේදී පැවසීමෙන් අනතුරුව මුදල් ගෙවිය හැකිය.

 කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ පර්‍යන්තයේදී මුදල් අයකිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි.

 මෙම සේවක හිඟය මෙම සතිය තුළ පියවීමට කටයුතු කරන බව පැවසීය.

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි සේවයේ නියුතු මුදල් අයකැමිවරුන් 22 සේවය පසුගියදා අත්හිටු වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා පැවසීය.

 පසුගිය ජනවාරි හා පෙබරවාරි මාස වල මෙම මූල්‍ය වංචාව සිදුව තිබේ.

 – නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website