බදාදා, 03 ජූලි 2024 14:33

සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් සංවර්ධනය කරයි Featured

හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව එය ක්‍රියාත්මක කරයි.

මෙලෙස හදුනාගෙන ඇති වෙරළ කලාප වන්නේ, වනාතවිල්ලුව ගගේ වාඩිය, වනාතවිල්ලුව කලපු දූපත, කල්පිටිය කුඩාව, කල්පිටිය වයිකාල, මීගමු කලපුව, මීගමුව කපුන්ගොඩ, වත්තල ප්‍රීතිපුර, බෙන්තොට වෙරළ, හබරාදුව කොග්ගල කලපුව, දික්වැල්ල සීතාගාල්ල, තංගල්ල රැකව කලපුව, අම්බලන්තොට ලුනම කලපුව, හම්බන්තොට මලල ලේවාය, තිස්සමහාරාම කිරින්ද වැලි කන්ද, ලාහුගල කුණුක්කල වෙරළ, පොතුවිල් එළිපන්ට් රොක්, මඩකලපුව කෝරළයි පත්තු උතුර සල්ලතිව් දූපත, කින්නියා තඹලගමුව බොක්ක, ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාල ප්‍රදේශය, ත්‍රිකුණාමලය උප්පුවේලි, ත්‍රිකුණාමලය සම්පල්තිව්, කුච්චිවේලි අරිසමලේ, මුලතිව් නයාරු කලපුව, මුලතිව් නන්දිකඩාල් කලපුව, යාපනය සෙන්තක්කුලම් වෙරළ, යාපනය කැසුරිනා වෙරළයි.

වෙරළ පරිසරය රැකෙන අයුරින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පුද්ගලික අංශය හා ඒකාබද්ධව මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වේ.

මේ වසරේදී ඉරණවිල, උප්පාරු, කිරිමුන්දලම, මූතූර්, කාර්තිව්, නින්දවුර්, බූස්ස, තල්දියවත්ත, කොග්ගල, සයින්දමරුදු, මාලීගිල්කාඩු, කාත්තන්කුඩු සහ උස්වැටකෙයියාව යන වෙරළ තීරවල හදිසි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 14ක වැඩ අවසන් කර ඇත. සංවර්ධන කාර්යන් සඳහා විද්‍යුත් බලපත්‍ර 520ක්ද නිකුත් කර තිබේ. වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් 30ක් සහ කඩොලාන සිටුවීමේ වැඩසටහන් 04ක් මේ වසරේදී සිදු කර ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 300කි.

මේ වසර තුළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එම ව්‍යාපෘති සිදු කෙරෙන්නේ කළුතර කැලිඩෝ, ලුනාව, උතුරු උඩප්පුව, නින්දවුර්, සයින්දමර්දු, මුතූර්, මැඩිහ, මූදුකටුව, කහව, ඉරණවිල සහ බණ්ඩාරමුල්ල ප්‍රදේශවලයි.

මේ වසර තුළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එම ව්‍යාපෘති සිදු කෙරෙන්නේ කළුතර කැලිඩෝ, ලුනාව, උතුරු උඩප්පුව, නින්දවුර්, සයින්දමර්දු, මුතූර්, මැඩිහ, මූදුකටුව, කහව, ඉරණවිල සහ බණ්ඩාරමුල්ල ප්‍රදේශවලයි.

එමෙන්ම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාප සැලැස්ම අවශ්‍ය කාල පරාස වලදී සංශෝධනය කර යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ අනුව 2024 – 2029 වෙරළ කලාප කළමනාකරණ සැලැස්මේ සංශෝධන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

පසුගිය වසරේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂණ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කර තිබේ.

මොරටුව, කලුතර, කැලිඩෝ, අම්බලන්ගොඩ, පෝරුතොට, සයින්දුමරුදු, නින්දවූර් සහ තිරුක්කෝවිල් එම වෙරළ තීරයන් වේ. ඒ සඳහා වෙන් කරනු ලැබු මුදල රුපියල් මිලියන 388.35කි. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 වසරේදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් 102ක් සහ කඩෝලාන සිටුවීමේ වැඩසටහන් 25ක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඉරණවිල, උප්පාරු, කිරිමුන්දලම, මුතූර්, කාරතිව්, නින්දවුර්, බූස්ස, තල්දියවත්ත, කොග්ගල, සයින්දමර්දු, මාලිගියිකාඩු, කාත්තන්කුඩි, උස්වැටකෙයියාව සහ මරතමුනෛ ආදී වෙරළ තීරවල හදිසි ආරක්ෂණ ව්‍යාපෘති 20ක් පසුගිය වසරේ සිදු කර තිබේ. එයින් මීටර් 342ක පමණ ඵලදායි වෙරළ තීරයක් ආරක්ෂා කර ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website