අඟහරුවාදා, 13 අගෝස්තු 2024 14:51

ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර Featured

ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර ලබාදී තිබේ.

ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.


ස්ටාර්ලින්ක් ආයතනය ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන්ග් මස්ක් හිමිකාරත්වයක් දරන ආයතනයකි.

ඒ අනූව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට 2024 අගෝස්තු 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කර තිබේ.

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website