සදුදා, 26 අගෝස්තු 2024 09:46

 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කියමින් මංකොල්ල කයි.. Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතිබව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී තිබේ.

බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු නොකරයි.

ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනටමත් එවැනි වංචනිකයින්ට හසුවී ඇත්නම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website