අඟහරුවාදා, 27 අගෝස්තු 2024 09:44

පාස්පෝට් කන්තෝරුවෙන් නිවේදනයක් Featured

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එබැවින් අත්‍යවශ්‍ය අය පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම් කරන ලෙස ඉල්ලා සිටියි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවෙන්, විදේශ ගත වී ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 23% ක ප්‍රමාණයකි. නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති බවත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිතය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website