බදාදා, 18 සැප්තැම්බර් 2024 14:14

ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක් Featured

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති කාන්තා සමුළුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"මේ වැඩපිළිවලේ කේන්ද්‍රීය සංකල්පය වන ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පයම මූලික හරය ශ්‍රී ලංකාවේ කාන්තාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වීම ඒ සඳහා ඔබට අවශ්‍ය ප්‍රාග්ධනය රජය ලබාදෙන ආකාරය, ඔබට අවශ්‍ය ඒ හයිය ලබාදෙන ආකාරය එපමණක් නොව, ඔබ යම් හෙයකින් ව්‍යවසායකත්වයක් පටන් ගෙන එය වැටෙන්නට ගියොත් ඒක අල්ලගන්නට ආණ්ඩුව උදව් කරන ක්‍රමය අපි සඳහන් කරලා තියෙනවා. අපිට ඕන වුණේ මේ ලංකාවේ කාන්තාව, මේ සුවිශේෂ කාන්තාවට මෙන්න මේ අවස්ථාව දෙන්නට. ඊට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද අමාරුවේ වැටිලා ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව ගොඩගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය මත පැටවුණ ඒ අසාධාරණ ණය පොලිය සම්පූර්ණයෙන්ම කපාදමා ඔබ එයින් නිදහස් කරන්නට අපි යෝජනා කරලා තියෙනවා. ඒ යෝජිත වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලත් තියෙනවා."

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජන බලවේගය දරණ උත්සහාය පරාජය කිරීමට පියවර ගන්නා බව යටින්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

 

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website