සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 11:12

සබරගමුව ආණ්ඩුකාරවරිය අලුත් වැඩකට අතගසයි Featured

දැනට පවතින මානව හා භෞතික සම්පත් හිගයන් මගහරවා ගනිමින් රාජ්‍ය ව්‍යවසායක් ලෙස සබරගමුව පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය

(DeCMA ) නඟාසිටුවනවා යයි සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න ප්‍රකාශ කළාය.

රත්නපුර පිහිටි සබරගමුව පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය නිරීක්ෂණයට ඉකුත්දා එක් වු නව ආණ්ඩුකාරවරිය ඉන් අනතුරුව අදහස් දකිමින් මේ බව කියා සිටියාය.

එහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය පැවසුවේ, රාජ්‍ය ව්‍යවසායකත්වයක් ලෙස ක්‍රියාත්මක මෙම සබරගමු පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ (DeCMA) පවතින මානව හා භෞතික ගැටළු පිළිබඳව විමර්ශනයක් සිදු කොට එම ආයතනය ලාභදායී හා සමාජ යහපත පිණිස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවය.

වර්ෂ 2009 දී ආරම්භ කළ මෙම ආයතනය යටතේ මේ වන විට රත්නපුර ප්‍රධාන ආයතනයට අමතරව කෑගල්ල උප කාර්යාලයක් හා සේවා ස්ථානයක් ද ක්‍රියාත්මකය.

මෙම අධිකාරිය මඟින් වාහන අළුත්වැඩියාව, වාහන හා යන්ත්‍රෝපකරණ කුලී පදනම මත ලබා දීම, වාහන යන්ත්‍රෝපකරණ සේවා කිරීම, මුද්‍රණ කටයුතු, මාර්ග හා ගොඩනැගිලි ඉදි කිරීම, ලිපි ද්‍රව්‍ය අලෙවිය, වාහන යෝග්‍යතා සහතික නිකුත්කිරීම, වාහන Scan කිරීම, බැටරි සැපයුම, ටයර් සැපයුම හා පුහුණු අවස්ථා යන සේවාවන් ලබා දෙයි.

විශේෂයෙන් මෙම අධිකාරිය මඟින් දේශීය හා විදේශීය රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන් වෙත වාහන යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීම, වාහන යන්ත්‍රෝපකරණ සේවා කිරීම, බර වාහන යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීම ඇතුළු සේවා රැසක් ලබාදෙයි.

ඊට අමතරව මුද්‍රණ තාක්ෂණය හා ඒ හා සම්බන්ධ කටයුතු, සැහැල්ලු වාහන පිළිබඳ පුහුණුව, සිවිල් ඉදිකිරීම් සම්බන්ධ පුහුණුව, රියදුරු පුහුණුව යන ක්ෂේත්‍ර සඳහා පුහුණුව මින් ලබාදෙයි.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සුජීවා බෝධිමාන්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

bmnhjkhjkghj

(ජේ. මුණසිංහ)

 

 

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website