සදුදා, 28 ඔක්තෝබර් 2024 10:49

පොල්තෙල් මිල ඉහළ යාම වහා පාලනය කරගත යුතුයි. Featured

දේශීය වෙළඳපොලේ පොල් සහ පොල් තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

දේශීය පොල් සහ පොල්තෙල් හිඟයක් පවතින මේ අවස්ථාවේ අන්තර්ජාතික වෙළඳපොලේ පිරිපහදු කරන පොල්තෙල් ටොන් එකක මිලද ඇමරිකානු ඩොලර් 1320 සිට 1880 දක්වා ඉහළ ගොස් ඇත. ආනයනය කරන ලද පොල්තෙල් කිලෝ එකක් අද අලෙවි වන්නේ රුපියල් 700/=කටය. මිට මාස දෙකකට පෙර එම මිළ සටහන් වුයේ රැපියල් 630 ක් වශයෙනි.
මිල තවදුරටත් ඉහල යාම වලක්වා ගැනිම සදහා
මේ අවස්ථාවේ කළ යුත්තේ ෆාම් ( Palm oil/ crude Pam oil ) ඔයිල් ආනයනය කිරීමට අවසර දීමය. පාම් තෙල් ආනයනය 2022 සිට ආනයනය බලපතු කුමයට යටත් කර ඇත.
දිගින් දිගටම රටට අවශ්‍යය පොල්තෙල් ආනයනය කළහොත් ටොන් එකකට ඩොලර් 700 බැගින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ඇදී යනවා ඇත.
ඒ අනුව මසකට ටොන් 5000ක් පමණ පොල්තෙල් ආනයනය කිරීම තුළ මෙරටින් විදේශ විනිමය ඩොලර් මිලියන 3.5 ක් අතිරේකව මාසිකව පිටරටට ඇදී යන අතර ඉදිරි මාස හයක කාලය තුල එම ප්‍රමාණය ඩොලර් මිලියන 21ක් පමණ වෙනවා ඇත.

දැනට ආනයන බලපතු ක්‍රමයට යටත් කර ඇති පාම් තෙල් ( palm Olein or crude palm oil) ආනයනය ඉදිරි මාස 6ක් සඳහා ලිහිල් කිරීම තුලින් රටින් පිටට ඇදි යන විදේශ විනිමය අවම කර ගත
හැකි අතර එමගින් දේශීය පොල් තෙල් ව්‍යාපාරයට කිසිදු බලපැමක් නොවනු ඇත. රටතුල පිරිපහදු හිමි අය clude palm oil සහ බෙදාහැරීමේ ව්‍යාපාරිකයන් පිරිපහදු කරන ලද ෆාම් තෙල් ආනයනයට පෙළඹෙන අතර වෙළඳපොළේ පොල්තෙල් වලට ඇති ඉල්ලුම බෙදී යන අතර පොල්තෙල් මිලද මෙම ප්‍රමාණයයේම රඳවා ගත හැකිය.

මෙම ආනයනය ක්‍රියාවලිය සඳහා මාසයක පමණ කාලයක් ගතවන බැවින් රජය විසින් වහාම මේ අවස්ථාවේදී තීරණයක් ගත යුතුව ඇත.

ආනයන තීරු බදු සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොකර පවතින තීරු බදු යටතේම මෙම නව වැඩපිලිවෙල පවත්වාගෙන යා හැකිය. පොල්තෙල් සහ පොල් කර්මාන්තයද මෙමගින් ආරක්ෂා වනවා ඇත.

සටහන
සේනසූරියප්පෙරුම.

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website