අඟහරුවාදා, 28 මාර්තු 2023 18:11

විදේශිකයන් රැවැට්ටුවොත් දඩය වැඩියි Featured

කටුනායක ගුවන්තොටුපොළේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතා වල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැනට පවතින රුපියල් 25000ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

මේ අතර එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් දී ඇති බවයි වැඩිදරටත් වාර්තා වෙයි.

මීට අමතරව එවැනි පැමිණිලි භාර ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ඇති කිරීමට තීරණය කර ඇති බවද සඳහන්.

ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් බහුලව මෙම අක්‍රමිකතා වල නිරත වන බවට නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත මෙම පියවර ගැනීමට කටයුතු කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website