Print this page
ඉරිදා, 12 පෙබරවාරි 2023 09:52

කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් Featured

Rate this item
(0 votes)

කටාන - දිවුලපිටිය මාර්ගයේ දිසාගෙවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මීගමුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි.

එය මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත්කර යවා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර ඊයේ (11) පස්වරුවේ කොටිකාවත්ත කසළ කන්දේ හටගත් ගින්න පැය 5 ක පමණ කාලයකට පසු මැඩ පවත්වා ඇත.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා සේවා රථ 3 ක් යොදාගත් බවයි.

Read 551 times
sevani Alwis

Latest from sevani Alwis