සෙනසුරාදා, 15 ජූලි 2023 12:43

බණ්ඩි පොහොර 1000කින් අඩු වෙයි Featured

අද සිට (15 දා) බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පි. පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500 ට අඩු කරනු ලැබීය. එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 15,000 ක් බැගින් අලෙවි කරන එම්.ඕ.පි. පොහොර මිල අද (15 දා) සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළේය.

ගොවීන්ට අද දින සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website