Print this page
අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 14:59

අත්‍යවශ්‍ය ශල්‍යකර්මත් නවත්වන්න වෙයි.. Featured

Rate this item
(0 votes)

පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍ය කර්මද නතර කිරීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් සංජීව මහතා පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය නොවන බව පවසමින් සමහර ශල්‍යකර්ම කල් දැමීමට යෝජනා කර ඇත්තේ නිර්වින්දන ඖෂධ හිඟවීම නිසා බවයි.
මෙම නිර්වින්දන ඖෂධ ඇතුළු උපකරණ හිග වන බවට මීට මාස ගණනාවකට පෙර බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත පවතින ඖෂධ හා උපකරණ හිගයට කඩිනමින් විසඳුම් ලබාදී රෝගී ජීවිත සුරක්ෂිත කරන්නැයි ද ඉල්ලා සිටින බවත් ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම යැයි පවසමින් ශල්‍යකර්ම ප්‍රමාද කිරීම තුළින් රෝගී ජීවිත අනතුරට පවා ලක්වනු ඇති බවත් කිසිම අවස්ථාවක විනෝදයට ශල්‍යකර්ම සිදු නොකරන අතර සමහර ශල්යකර්ම පිළිබඳ තත්පර ගණනකින් තීරණ ගැනීමට සිදුවන බව ද ඔහු තව දුරටත් පැවසීය.

 

Read 587 times
sevani Alwis

Latest from sevani Alwis