Displaying items by tag: Channel4 වීඩියෝ හදන්නේ සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණූ වීඩියෝවලින්…

චැනල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණන ලද වීඩියෝවලින් බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බවද හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බුද්ධි නිලධාරී සලේ නොවන බවත් සලේ යනු තවත් එක් ඉත්තෙක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ඉන්දියනු හා සිංගප්පූරු බුද්ධි අංශ බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගේ පවුල්වල අය එකතු වී මෙම ප්‍රහාරයට සම්බන්ධ අයගේ අය පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

 

 

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website