Print this page
සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 20:00

විශාල පිරිසක් ශ්‍රි පාද වන්දනාවේ… සීත ගගුලේ සිට දීර්ඝ පෝලිම් Featured

Rate this item
(0 votes)

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

හැටන් මාර්ගය ඔස්සේ (10) දින පස්වරුව සිටම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම වන්දනාකරුවන් හැටන් මාර්ගයේ සීත ගගුලේ සිට (11) දින අලුයම තෙක් ශ්‍රි පාද උඩ මළුව දක්වා යාමට දිගු පොලිම් වල රැදි සිටින බවයි පොලිසිය කියා සිටියේ.

මෙවැනිම වන්දනාකරුවන් පිරිසක් රත්නපුර මාර්ගය ඔස්සේද ශ්‍රි පාදය කරුණා කිරිම සදහා පැමිණිම නිසා මාර්ග දෙකේම මෙම තදබදය පවතින බවයි පොලිසිය කියා සිටියේ.

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් සන්තකයේ ගංජා , තිරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සහ මත්වන ඖෂධ වර්ග තිබු බවත්, එම සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩවල පසුවන කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

 

Read 730 times
sevani Alwis

Latest from sevani Alwis