දේශපාලන සහ සමාජීය පුවත්

මෙම වසරේ (2024) ගතවූ මාස 4යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසිය හතළිස් තුන්දෙනකු (22,443) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසු­ගිය කාලයේ සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විම­ර්ශ­න­යක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම ආරම්භ කර තිබේ.

ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියා,ව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:56

අද සිට උද්ඝෝෂණ රැල්ලක්

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.ඊට සමගාමීව අද කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා සදහන් කරයි.

2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

වැඩිහිටියන් - ගුරු දෙගුරුනුත් නීතියට යටත් කරයි

එජාපය-කොළඹ මාලිගාවත්තේ

ජාජබ-තැන් හතරක

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website