Print this page
සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 08:19

භූ කම්පන ගැන සෙවීමට භූ විද්‍යාඥයින් කණ්ඩායමක් බුත්තලට... Featured

Rate this item
(0 votes)

බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසුවේ, අදාල කණ්ඩාමේ පර්යේෂණ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට තුළ දරුණු ගණයේ භූ කම්පන ඇතිවීමේ අවදානමක් නොමැති බව ද ඔහු පැවසුවේ ය.

පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ(10) භූ චලන 2ක් වාර්තා විය.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 3 ක් සහ 3.5 ක් ලෙස සටහන් විය.

වැල්ලවාය,බුත්තල ඇතුළු ප්‍රදේශවල ජනතාවට එය දැනී තිබුණි.

Read 649 times
sevani Alwis

Latest from sevani Alwis

Related items