සදුදා, 03 අප්‍රේල් 2023 15:53

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක භූ කම්පන ඇති වීමේ අවදානමක් Featured

බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසා සිටී.

මහනුවරදී අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

ඔහු මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අවධාරණය කරමින් පවසා සිටියේ,
1615 වසරේ සිට මේ දක්වා බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල භූකම්පන ප්‍රමාණයක් සිදුව ඇති බවයි.

මේ අතර බස්නාහිර පලාත ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වන්නේ මුහුදේ ඇති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් බව නිගමනය කළ හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඉදිරියේදීත් බස්නාහිර පලාත ආශ්‍රිතව යම් කිසි භූ කම්පන ප්‍රමාණයක් ඇති විය හැකි බව සඳහන් කළ ඔහු ඉතා අධික ජනගහණයක් ඇති එම පළාතේ තරමක් හෝ ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් විශාල විනාශයක් විය හැකි බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල භූ කම්පන මාන හා අදාළ නවීන උපකරණ ස්ථාපිත කොට සුපරික්ෂාකාරීව සිටීමට ක්‍රියා කළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අදාල දත්ත රැස් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

"භූ විද්‍යාත්මක ඉතිහාසය අනුව අවුරුදු මිලියන 200 ක ට පමණ ඉහත දී ශ්‍රී ලංකාව, අප්‍රිකාව, මැඩගස්කරය, ඇන්ටාටිකාව, ඉන්දියාව, එකම භූමියක් ලෙස තමයි තිබී තිබෙන්නේ, වසර ගණනාවක් තිස්සේ සංක්‍රමණය වෙලා තමයි ලංකාව දැන් මේ තියෙන ආකාරයෙන් ස්ථාපිත වෙන්නේ. අවසානයට ලංකාව හා ඉන්දියාව එකට හා උණු ගොඩබිමක් වශයෙන් පැවතිලා තිබෙනවා. ඉන් කාලෙකට පස්සේ තමයි ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙන්නේ. මේ වෙන්වීම් සමග ලංකාව හා ඉන්දියානු මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා. මේ අභ්‍යන්තර මුහුදු භූමි තලයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාව විශේෂයෙන් බස්නාහිර පළාත හරහා කොළඹ දක්වා ගමන් කරන ආකාරය පැහැදිලිව දකගන්නට පුළුවන්"

 

 

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website