සෙනසුරාදා, 06 මැයි 2023 14:46

ලාහෝර් ප්‍රහාරයේ වෙඩික්කරු පාකිස්තාන පොලිසිය හා ගැටී මරුට Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියකු එරට පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉක්බාල් හෙවත් බාලි ඛයාරා නමැති මේ ත්‍රස්තවාදියා මියගොස් ඇත්තේ පාකිස්තානයේ ඩෙරා ඉස්මයිල් ඛාන්හිදී පොලිසිය එල්ල කළ ප්‍රහාරයකිනි.

මේ තැනැත්තා පසුගිය 2009 වසරේදී පාකිස්තානයේ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරයට අමතරව පුද්ගල ඝාතන, ෂියාම් මුස්ලිම්වරුන් පැහැරගෙන යෑම ඇතුළු ත්‍රස්ත ක්‍රියා 26කට පමණ අවශ්‍ය සිටි පුද්ගලයකු බවත්, ඔහු අල්කයිඩා සංවිධානයේ සහ Tehreek-e-Taliban ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු බවත් වාර්තා වන අතර, පාකිස්තාන ආරක්ෂක අංශ විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ බාලි ඛයාරා අල්ලා දෙන තැනැත්තෙකුට පාකිස්තාන රුපියල් මිලියන 10.5ක ත්‍යාගයක් පිරිනමන බවයි.

මේ ත්‍රස්තවාදියා පොලිසියට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ පොලිසිය කළ ප්‍රතිප්‍රහාර හමුවේ මරුමුවට පත්ව තිබෙන අතර, එම ප්‍රහාරයේදී බාලි ඛයාරාගේ සමීපතමයකුද ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට එරට පොලිස් ප්‍රධානියකු තහවුරු කර ඇත.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ චමින්ද වාස් තුවාල ලැබූ අතර, එරට පොලිස් නිලධාරීන් 7 දෙනකුටද තුවාල සිදු වී ඇත.

 

මහින්ද අලුත්ගෙදර

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website