බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:39

ඔලිම්පික් ශූරී ටෝරි බෝවි මිය යයි Featured

හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි මියගොස් තිබේ.

ඒ පිළිබඳව ඇයගේ කළමනාකරණ සමාගම නි‍ල වශයෙන්  3 වන දා තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඇයගේ වයස අවුරුදු 32කි.

ෆ්ලොරීඩා හි පිහිටි නිවසේ දී ඇය මියගොස් සිටියදී, ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
ජාත්‍යන්තර කෙටි දුර ධාවන ඉසව්වලදී ඇය, රන් පදක්කම් 03ක් හිමි කර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම මරණය සැක සහිත ලෙස සලකන්නේ නැති බව ප්‍රාදේශීය ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
ටෝරි බෝවි ඉපදී හැදී වැඩුණේ මිසිසිපි හි ය. ධාවන පථයේ ඇගේ දක්ෂතා පෙනෙන්නට පෙර ඇය පැසිපන්දු ක්‍රීඩා කළාය.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website