බදාදා, 16 අගෝස්තු 2023 12:50

පොල් – රබර් අපනයන ආදායම් පහළට: තේ ආදායම ඉහළට Featured

මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී රබර් සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව ගිය වසරේ (2022) මුල් මාස හයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.3 ක් වූ රබර් අපනයන ආදායම මේ වසරේ (2023) පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 17.2 ක් දක්වා සියයට 26.2 කින් පහත වැටී ඇත.

එසේම ගිය වසරේ (2022) මුල් මාස හයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 215.8 ක් වූ පොල් අපනයන ආදායම මේ වසරේ (2023) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 161 ක් දක්වා සියයට 25.4 කින් ද පසුබෑමට ලක්ව ඇත.

මේ අතර තේ අපනයන ආදායම ගිය වසරේ (2022) මුල් මාස හයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 577.4 සිට මේ වසරේ (2023) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 635.5 ක් දක්වා සියයට 10.1 කින් වර්ධනය වී ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website