සදුදා, 21 අගෝස්තු 2023 09:31

ප්‍රමාද වෙමින් ඉදිරියට ඇදෙන මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය සියයට තිස් පහයි Featured

මෙරට දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට ‘වෙරිටේ රිසර්ච්’ හඳුන්වාදී ඇති නිර්ණාකයන් අනුව ඉකුත් ජූලි මස වනවිට එම වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටුකර අවසන් කර ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම වාර්තාවේ දැක්වේ. සිස්ටම් 15 ක එම කැපවීම්වල ප්‍රගතිය ‘නොදනී’ ලෙස සඳහන් කර ඇති බවද එහි දැක්වේ.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම්වල ප්‍රතිශතය 2023 මාර්තු මාසයේ සිට ජූලි මාසය දක්වා ගෙවී ඇති කාලය ඇතුළත 9% ක සිට 15% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව, වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පවසයි.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් එසේ වර්ග කර ඇත්තේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිදු දත්තයක් නොමැති පසුබිමකය. එම කැපවීම් ඉටුකිරීමට එකඟ වූ කාල සීමාව පසුකර තිබියදී, පවා එම දත්ත සොයා ගැනීමට තිබී නැත.

මෙම තත්ත්වය වැඩසටහනේ ප්‍රගතිය අරබයා ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතු කරන්නක් බව ද, වෙරිටේ රිසර්ච් කියයි.

”IMF මීටරය” දැන් manthri.lk හරහා මහජනතාවට විවෘතව පවතී. වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න. https://manthri.lk/en/imf_tracker වෙත පිවිසිය හැකිය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website