සිකුරාදා, 25 අගෝස්තු 2023 07:36

විදේශ ණය ගෙවීම ඇරැඹුවත් විනිමය අනුපාතයට ලොකු බලපෑමක් නෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ Featured

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන්නේ ඒ නිසා බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු මූලස්ථානයේ දී ඊයේ (24 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා පවත්වන්නේ විදේශ ණය ගෙවිය හැකි ආකාරයකට අඩුකර ගැනීමට බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

වර්ෂයකට ණය ගෙවීමට තිබෙන බර අඩුකරන අතරම දැනට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ප්‍රමාණයේ සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් දක්වා විදේශ සංචිත වර්ධනය කිරීමට කටයුතු කිරීම තුළින් දෙපැත්තකින් සහනයක් ලැබී ආර්ථිකය ශක්තිමත් වන බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මේ වසරේ (2023) දෙවන කාර්තුවේ සිට යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ තුළින් ආර්ථිකය මැදිකාලීනව එහි විභව මට්ටම කරා ළඟා වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ප්‍රශ්නය : මේ නියමයන්, ගෙවාගෙන යන පැරැණි ණය සහ ලීසිං පහසුකම්වලට කොහොමද අදාළ වන්නේ?

මහ බැංකු අධිපති : මෙහෙමයි. අපට බැංකුවලට ණය ක්‍රමයෙන් ණය ක්‍රමයට අඩුකරන්න කියල කියන්න බැහැ. අප කියන්නේ සියලුම ආකාරයේ ණය පහසුකම්වල පොළිය යම්කිසි ආකාරයකින් අඩු කරන්න කියලයි. අප බලාපොරොත්තු වන්නේ සමස්තයක් වශයෙන් දැන් තියෙන පොළී අනුපාතයට ප්‍රමාණවත් ලෙස අඩු මට්ටමකට ගෙන ඒමයි. ඒ සමගම කියන්න ඕන අපි පොළී අඩු කරන්න කිව්වට හැමෝටම බැංකුවලට ගිහිල්ල මගේ පොළිය සියයට 12 යි ඒක 9 කරන්න කියන්න බැහැ. එහෙම කරන්න කිව්වට බැංකු එහෙම කරන්නෙත් නැහැ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website