සදුදා, 28 අගෝස්තු 2023 10:52

පෙර පාසල් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් – විද්‍යා පීඨ 19ම එක්කර විශ්වවිද්‍යාලයක් Featured

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතුවන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත්කර ගැනීම සඳහා පෙර පාසල් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීම පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් පවත්වන ලද සමීක්‍ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධක මට්ටහෙි පසුවන්නේ පෙර පාසල් දරුවන්ගෙන් සියයට 15 ක් පමණක් බව පෙනීගොස් ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඉදිරියේදී විද්‍යා පීඨ 19ම ඒකාබද්ධ කර එකම පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමුකරන බවත් ඒ අනුව 2028 වනවිට පුහුණු හා උපාධියක් නොමැති කිසිදු ගුරුවරයකු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නොසිටිය යුතු බවත් ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන සීතා අරඹේපොල, ගීතා කුමාරසිංහ යන මහත්මීහු සමග අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක පිරිස් එක්ව සිටියහ.


චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website