ඉරිදා, 27 අගෝස්තු 2023 10:17

කොවිඩ්වලට දුන් අධ්‍යාපන පීඨ ‘පණ ගහන්න’ මිලියන 36ක් – ඇමැති සුසිල් Featured

කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන ලෙස යොදාගත් ගොඩනැඟිල්ලිවල ගෘහ උපකරණ හා අනෙකුත් උපකරණ, යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම හානි ප්‍රතිසංස්කරණ කටයුතු මූලිකව ආරම්භ කිරීමට ලෝක බැංකු ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 200 ක් හිමිවූ බවත් ලබන වසරේ ජුනි මස 30 වැනිදාට පෙර ප්‍රතිසංස්කරණ අවසන් කර එම පීඨවල කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කරයි.

රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website