ඉරිදා, 27 අගෝස්තු 2023 10:10

වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’ ! Featured

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යාංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වී තිබුණි. එහෙත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේඛනය අනුව අමාත්‍යාංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306කි. ඒ අනුව වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website