සෙනසුරාදා, 26 අගෝස්තු 2023 10:49

සමස්ත ලංකා පිහිනුම් තරග වාර්තා තුනක් Featured

මයිලෝ සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ ඊයේ (25දා) පැවැති තරග අතරින් නව වාර්තා තුනක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී වාර්තා විණි.

වයස අවුරුදු 18 න් පහළ මීටර් 50 සමනළ ආර කාන්තා ඉසව්වෙන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ජෙසිකා සෙනෙවිරත්න, වයස අවුරුදු 20න් පහළ මීටර් 50 සමනළ ආර කාන්තා ඉසව්වෙන් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ නභාෂි පෙරේරා ඉන් වාර්තා දෙකකට හිමිකම් කීහ.

වයස අවුරුදු 16 න් පහළ මීටර් 100 පසුපස ආර පිහිනුම් තරගයෙන් මරදාන සහිරා විද්‍යාලයේ එම්.එෆ්.මුහමද් අනෙක් තරග වාර්තාව පිහිටුවීමට සමත් වූයේය.

 

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website