බදාදා, 13 සැප්තැම්බර් 2023 13:10

එස්වැට් අහෝසි කිරීමේ තීරණය යළි සලකා බලන්න – ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි Featured

අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට බලපාන පරිදි සරල කළ අගය එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

මෙය ඉවත් කිරීම අපනයනකරුවන්ට ක්ෂණිකව බලපාන අතර විවිධ කර්මාන්ත සහ සැපයුම්කරුවන්ගේ මුදල් ප්‍රවාහයන්ට බාධා ඇති කරවන සහ මූල්‍ය අභියෝග ඇති කිරීමට ද හේතුවිය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය කියයි.

මේ ක්‍රමය අහෝසි වීමත් සමග මුදල් ආපසු ගෙවීම් කාර්යක්ෂමව හැසිරවීමට රජයට ඇති හැකියාව පිළිබඳ ගැටලුවක් ද මතු වේ. තවද එවැනි පියවරක පරිපාලනමය බලපෑම වැඩිවීම තුළින් අකාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය විය හැකි අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවත් මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් සමගින් කාර්ය අධික වීමත් සමග පරිපාලනමය අවහිරතා සහ වැට් බදු ආපසු ගෙවීමේ සැලකිය යුතු ප්‍රමාදයන් ඇති විය හැකි බව ද එම මණ්ඩලය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම වැට් බදු ප්‍රතිලාභ සහ ඉන්වොයිස් ගැළපීම සම්බන්ධයෙන් රැමිස් පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව නිවැරදි කිරීම මේ අවස්ථාවේ දී වඩාත් දූරදර්ශී වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website