සදුදා, 02 ඔක්තෝබර් 2023 10:50

අඩු ආදායම්ලාභීන්ට කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට චීන ආධාරයෙන් නිවාස ඒකක 1996 ක් Featured

අඩු ආදායම්ලාභීන්ට, කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට චීන රජයේ ආධාර මත නිවාස ඒකක 1996 ක් ඉදිකිරීම සඳහා ලබන මාසයේදී ගිවිසුම් අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ලබන මාසයේ චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන ‘සහයෝගිතාව සඳහා වන මාර්ග මුල පිරීම’ (BRI) සමුළුව අතරතුරදී මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුවන බවද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙසේ ඉදිකෙරෙන නිවාසවලින් නිවාස ඒකක 108 ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන් කෙරේ. එම නිවාස කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද ඇමැතිවරයා කීය.

මෙම ගිවිසුමට අදාළ මූලික හුවමාරු ලිපියට චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ ජනවාරි 09 වැනිදා අත්සන් තබා තිබේ.


චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website