ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:53

සමාජ ආරක්ෂණ බද්ද ලෙකො බිලටත් Featured

ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි (ලෙකො) විදුලි පාරිභෝගිකයින්ට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද සැප්තැම්බර් මස සිට බිල් පතට එකතු කෙරේ.

නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයින් දැනටමත් සමාජ ආරක්ෂණ බද්ද ගෙවා දමන නිසා ඔවුනගේ ගාස්තුවේ නව වෙනසක් සිදු නොවේ.

මේ සම්බන්ධයෙන් ලෙකෝ සභාපති අතුල ද සිල්වා මහතා කියා සිටියේ සමාජ ආරක්ෂණ බද්දෙන් සමාගම් නිදහස් කර තිබූ බවයි. නමුත් අදාළ බදු පනත සංශෝධනයක් සමගම සමාගම්වලට ද එම බද්ද ගෙවීමට සිදුවීම නිසා ලෙකෝ විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පතට එම බද්ද ඇතුළත් කර ඇති බව ඔහු කීවේය. ඒ අනුව ලංවිම හා ලෙකෝ යන සියලු

පාරිභෝගිකයින්ගේ බිල්පත් සමාන අයක්‍රමයට යටත් වන බව ද ලෙකෝ සභාපතිවරයා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website