ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:42

කෝටි 650ක එන්නත් ඉවතට – ගෙන්වලා තියෙන්නෙත් විධායක අධ්‍යක්‍ෂගේ නිල මුද්‍රාව හොරට ගහලා Featured

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හයසිය පනහකට අධික වටිනා (ඩොලර් මිලියන 20) immunog lobulin නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත්කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ප්‍රතිදේහ එන්නත භාවිත කළ මහනුවර, කොළඹ ජාතික රෝහල, මාතලේ සහ මාතර රෝහල් හතරේ වෛද්‍යවරුන් එන්නතේ අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර ඇත.

මෙම එන්නත් කුප්පි මෙරටට ගෙන ඒමේදී ඖෂධ සංස්ථා විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කිරීමෙන් නොනැවතී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ද මුලා කොට එම තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

ඉන්දීය සමාගමක් මගින් මිලදී ගෙන ඇති මෙම එන්නත් කුප්පි තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අත්හැරීම යටතේ ආනයනය කර ඇතැයි ද හෙළි වී ඇත.

නිසි ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමකින් තොරව මෙවැනි ඖෂධ ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බවත්, එනිසා වගකීම් භාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව කියා සිටී.

මේ පිළිබඳ වහා පරීක්‍ෂණ සිදුකරන ලෙස තම සන්ධානය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website