සිකුරාදා, 29 සැප්තැම්බර් 2023 14:17

මාළු මිල පහළට සාලයා රු. 250 යි Featured

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල ගණන් විශාල ලෙස අඩුවී ඇතැයි එම වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ඊයේ (28දා) වනවිට සාලයා කිලෝවක මිල රුපියල් 250, හුරුල්ලා කිලෝව රුපියල් 250, බලයා කිලෝව 400, අලබොඩු කිලෝව රුපියල් 400, කෙළවල්ලා කිලෝව 1400, තලපත් කිලෝව 2500, කොප්පරා කිලෝව රුපියල් 2500, දැල්ලා රුපියල් 800 ආදී වශයෙන් පහළ බැස තිබේ.

මාළු මිල ගණන් මෙයාකාරයට පහළයෑමට හේතුවී ඇත්තේ මාළු අස්වැන්න ඉහළයෑම යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල හා අයිස් මිල ගණන් හේතුවෙන් පිට පළාත්වල මාළු මිල ඉහළ ගොස් තිබුණත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව ද වික්‍රමාරච්චි මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website