×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

බදාදා, 04 ඔක්තෝබර් 2023 09:37

අස්වැසුම සල්ලි කෝ… Featured

ඇමැති දැම්මා කියයි

බැංකු නෑ කියයි

බැංකු ගිණුම් ආරම්භ කර ඇති බොහෝ පිරිසකගේ අස්වැසුම් ගිණුම්වලට තවමත් මුදල් එවා නොමැති නිසා එම ජනතාව ඉතා අසරණ වී සිටිති. සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමනිලධාරී වසම් කිහිපයක ජනතාව නිරතුරුවම තම ගිණුම් ආරම්භ කර ඇති බැංකු වෙත ගොස් විමසූ විට ලැබෙන පිළිතුර තවම ඇවිල්ල නෑ යන පිළිතුර බව ඔවුහු කියති. ඉකුත් අගෝස්තු මාසයේ සිට එම ජනතාවට ලැබෙමින් තිබූ සහනාධාරත් නවතා දමා ඇති බව කියති. විෂයභාර ඇමැතිවරයා විසින් අස්වැසුම දෙවන පියවර ගෙවීම් සඳහා මුදල් බැංකු වෙත යවා ඇති බව පවසා ඇතත් බැංකුව ජනතාවට කරන මෙම ප්‍රකාශ ගැන ඔවුහු විමතිය පළ කරති.

ලබුගම ඩේවිඩ් අමරසිංහ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website