සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 09:36

මුදල් කාරක සභාවේ සභාපතිගේ හා කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය කරලා… Featured

ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්, ගයනි ජයරත්න යන අය විසින් 2023 ඔක්තෝබර් 04 දිනැතිව යොමු කර ඇති ලිපිය මගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් තමාගේ සහ කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්

ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගෙන පාර්ලිමේන්තුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කරන ලෙසත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

එම සම්පූර්ණ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

ගරු කථානායකතුමනි,

පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කරණු ලබන පැමිණිල්ලයි.

ගරු කථානායක තුමනි, “2023 ඔක්තෝබර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තුවේ අනුමත විය යුතු 2023 ජුනි 16 දිනැති අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධව හදිසි අවධානය යොමු කිරීම”යන ශීර්ෂය යටතේ ඔබතුමාට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ට පිටපත් කරමින්, පාර්ලිමේන්තු මහ ලේකම් වෙත ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්, ගයනි ජයරත්න යන අය විසින් 2023 ඔක්තෝබර් 04 දිනැතිවයොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කරමි.

මෙම ලිපියේ 3 වැනි ‍ඡේදය උපුටා දක්වනු කැමැත්තෙමි.

“එම අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවත්, යම් හේතූන් මත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ගත් තීරණයක් මත එම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු වී නොමැති බව අපට දැන ගැනීමට ලැබී ඇත.”

ගරු කථානායකතුමනි,

මෙම අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.06.16 දින නිකුත් කර ඇතත්, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර, කාරක සභාව වෙත යොමු කර ඇත්තේ 2023 ඔක්තෝබර් මස 03 දිනදීය. 2023 ඔක්තෝබර් 04 දිනැති ලිපියෙන් මෙලෙස චෝදනා කරනු ලබන්නේ එක් දිනකට පෙර කාරක සභාව වෙත යොමු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් වන අතරමේ සම්බන්ධව කාරක සභාව විසින් විශ්ලේෂණාත්මකව සලකා බැලීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි.

තවද මෙම ලිපියේ 6වන ජේදයේ දක්වා ඇති 2336/63 දරන ගැසට් පත්‍රය, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදන ඇතුළත් ගැසට් පත්‍රයක් වන අතර එය කිසිසේත්ම මෙම කාරක සභාවට අදාළ වූවක් නොවේ.

මෙම ලියුම්කරු විසින් සඳහන් කර ඇති අංක 2336/69 දරන 2023 ජුනි 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට සම්බන්ධකමක් දක්වන,රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්සලකා බලන ලදඅංක 2336/72 දරන 2023 ජුනි 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය පිළිබඳ කරුණු මා විසින් දන්වා සිටීමට කැමැත්තෙමි.

 එම අංක 2336/72 දරන ගැසට් පත්‍රයද පාම් තෙල් මේද අම්ල ආනයනය සඳහා වන තීරු බදු ව්‍යුහය සංශෝධනය සම්බන්ධ ගැසට් පත්‍රයකි. එම ගැසට් පත්‍රය 2023.09.19 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කර ඇති අතර, කාරක සභාව විසින් අදාල අමාත්‍යංශ ගෙන්වා එදිනම (2023.09.19) එම ගැසට් පත්‍රය පිළිබඳ කරුණු සලකා බලන ලදී.

මෙලෙස තීරුබදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ හෙයින් එදින කාරක සභාවේ නිර්දේශය වූයේකර්මාන්ත අමාත්‍යංශය විසින් මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.09.26 දින මෙම ගැසට් පත්‍රය යළිත් වරක් සලකා බැලිය යුතු බවයි.

එදින (2023.09.26) ඉදිරිපත්වූ කරුණු රජයේ බදු ප්‍රතිපත්තිය සමග පරස්පර වූ බැවින් මේ සම්බන්ධයෙන් නැවත සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නිර්දේශ කරන ලද අතර, ඒ සම්බන්ධව නැවත සලකා බැලීමක් 2023.10.10 දින සලකා බැලිය යුතු බවට අදාළ පාර්ශ්වයන් වෙත දන්වා ඇත.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ගැසට් පත්‍රය සලකා බැලීම ප්‍රමාද කර ඇති බවට නගා ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.

මෙලෙස මෙම ගැසට් පත්‍රය කිහිප වරක් සලකා බැලීම කිසිම විටක මාගේ තනි තීරණයක් නොවන අතර, කාරක සභාව විසින් ගන්නා ලද සාමූහික තීරණයකි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website