ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:05

සමුළුව නැවතීමෙන් කෝටි 11ක් වතුරේ Featured

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැටහතර දහස් හයසිය දහනමයක මුදල (115,264,619) ශ්‍රී ලංකා රජයට

අනාර්ථික වියදමක් බවට පත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සමුළුව ඉදිරි වසරක් සඳහා කල් දමන ලෙස ඉල්ලා තිබූ අතර ඒ සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් මස 16 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණි. මේ නිසා සමුළුව පැවැත්වීමට අදාළව 2021 හා 2022 යන වර්ෂවල දී එතෙක් දරා තිබූ වියදම අපතේ ගොස් ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි මෙකී සමුළුවේ සත්කාරකත්වය ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට 2021 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට හා පිරිවැය බෙදා ගැනීමේ ගිවිසුමකට එළඹ තිබුණි.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website