බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:51

මෙරට අධ්‍යාපනය දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවේද අනුවම.. Featured

මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කෝපායී ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එහි දී කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයට යාපන අර්ධද්වීය තුළ කේන්ද්‍රස්ථානය හිමි වන බවත් ය. උතුරු පළාත තුළ වෙසෙන ගුරු අභ්‍යාසලාභී විද්‍යාර්ථීන්ට එය වඩාත් ප්‍රශස්ථ අවස්ථාවක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

එමගින් 2027 වර්ෂය වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බැව් සිහිපත් කළ අමාත්‍යවරයා යාපන අර්ධද්වීපය තුළ සිට ම විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කර ඇති බව ද කී ය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website