අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:24

සහල් හිගයක් මවයි.. වෙලදුන් තොග සගවයි.. Featured

වි තොග සඟවමින් ව්‍යාපාරිකයන් විසින් සහල් හිඟයක් ඇති කිරීමට උත්සාහ කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් කොපමණ තොග සඟවාගෙන සිටිය ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ ඇති බවත් බාස්මතී වැනි සහල් යම් ප්‍රමාණයක් රටින් ගෙන්වීමට සිදුවනු ඇති බවත් පැවසූ ඔහු කීරි සම්බා වල යම් හිගයක් ඇතිවිය හැකි වුවද අනෙක් සහල් ප්‍රමාණවත්ව ඇති බවද සඳහන් කලේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website