සදුදා, 16 ඔක්තෝබර් 2023 08:48

යලිත් ඉන්ධන QR ක්‍රමයට ..? Featured

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මැද මෙරට ඉන්ධන සංචිත රැකගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති අතර ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග කළමනාකරණ ක්‍රමවේදයකට යටත් කිරීමට අවධානය යොමු කර ඇත.

මේ වන විටත් මෙරට ඉන්ධන සැපයුම් කරුවන් සමග ඉදිරි මාස වල දී ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉන්ධන අර්බුදයක් නැවත ඇති වුවහොත් පෙර පැවති QR ක්‍රමය හෝ වෙනත් කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් මේ වන විට අර්බුදයක් මතු වී නැති අතර ඉදිරියේදී අර්බුදයක් ඇතිවුවහොත් ඊට පෙර සූදානමක් ලෙස සැලැස්මක් සකස් කිරීමට ද කටයුතු කර කරමින් ඇත.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website