ඉරිදා, 15 ඔක්තෝබර් 2023 13:08

ජල ගාස්තුද අනිවාර්යෙන්ම ඉහල දමනවා.. Featured

විදුලිය ගාස්තු ඉහල දැමීමට සමාන්තරව ජල ගාස්තු ද අනිවාර්යෙන්ම ඉහල දැමිය යුතු බව ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ජලය පිරිසිදු කිරීම බෙදා හැරීම ආදී කාර්යයන්ට විදුලි බලය විශාල වශයෙන් වැයවෙන බැවින් එම පාඩුව පියවා ගැනීමට ජල ගාස්තු ඉහල නැංවීමට සිදුවන බව ද හෙතෙම කියා සිටී.

මේ වන විටත් මණ්ඩලය පාඩු පිට පවත්වාගෙන යන බව ද ඔහු පෙන්වා දෙයි.

ජලය ලීටරයක් නිෂ්පාදනය කර බෙදා හැරීමට ශත හතක මුදලක් වැය වෙද්දි පාරිභෝගිකයන්ට ලබා දී ඇත්තේ ශක දෙකක මුදලකට බැවින් තවමත් පාඩු ලබන බව රජ්‍ය අමාත්‍යවරයා කියයි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website