බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 08:16

ගංවතුර දෙගොඩතලා යෑමෙන් – ගාල්ලේ අක්කර දෙදහසක වී අස්වනු මකර කටේ Featured

ගංවතුර තත්ත්වය හේතුවෙන් ගාල්ලේ වී වගා කරනු ලැබූ අක්කර 2075.29ක බිම් ප්‍රමාණයක වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකිවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්

ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ජේ. ඩබ්ලිව්. එස්. ප්‍රියන්ජන් මහතා පවසයි.

ගංවතුරට හසුවීමෙන් වැඩිම වී අස්වැන්නක් නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ රත්ගම ගොවිජන සේවා බල ප්‍රදේශයෙන් වන අතර එම බිම් ප්‍රමාණය අක්කර 340කි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පරගොඩ අක්කර 218ක්, ලබුදූව අක්කර 210ක්, අහංගම 180ක්, බද්දේගම අක්කර 174ක්, වලහන්දුව අක්කර 57ක් ආදී වශයෙන් මෙම ගොවිජන සේවා බල ප්‍රදේශවල වී අස්වැන්න නෙලා

ගැනීමට නොහැකිවී ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේය.

ගාල්ලේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29ක ගංවතුර තත්ත්වය හේතුවෙන් වී වගාකරනු ලැබූ යායන්වල වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇති බවද ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. දිගින් දිගටම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිං ගඟ පහළ නිම්නය තුළ පිහිටි වී වගාබිම් විශාල ප්‍රමාණයක් තවමත් ජලයෙන් යටවී ඇති බව ගොවීහු පවසති. බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාත ප්‍රදේශයේ අස්වැන්න නෙලීමට ආසන්නව පැවති අක්කර 60ක පමණ දැනට මාසයක පමණ කාලයක සිට ජලයෙන් යටවී ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website