×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:15

පෞද්ගලික විශ්වවිද්‍යාල 24කට අනුමැතිය – ඇමැති විජේදාස රාජපක්ෂ Featured

මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 24 ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, ඊට අනුබද්ධ ආයතන රැසක් රට තුළ පවතින බව ද ඒවාට නිසි නියාමනයක් හෝ ප්‍රමිතියක් හෝ නැති බවද ඇමැතිවරයා කීය.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යල් පැනගිය එකක් බවත් ජාතික විශ්වවිද්‍යාල හා ජාත්‍යන්තතර විශ්වවිද්‍යාල හොඳ ප්‍රමිතියකින් හා නියාමනයකින් පවත්වාගෙන යෑම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

අපේ ආණ්ඩු කාලයේදී කිසිම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ වෛද්‍ය විද්‍යාලයකට අනුමැතිය දුන්නේ නැහැ. මේ සේරම 2015 ට පෙර අනුමැතිය දුන්නු ඒවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා

පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෛද්‍ය විද්‍යාල සියල්ලම පිළිගත්තේ මම ඇමැතිව සිටි කාලයේදීයි. රට දියුණු කිරීමට නම් මෙවැනිම ප්‍රමාණයක් ඉදිරියේදී පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල ඇතිවිය යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website