ඉරිදා, 22 ඔක්තෝබර් 2023 10:48

මාස 14ට විදුලි බිල 157%කින් නග්ගලා Featured

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී තිබේ.

ඒ අනුව 2022 අගෝස්තු මස 10වැනිදා මෙරට විදුලි ගාස්තුව සියයට 75%ක් ද 2023 වසරේ පෙබරවාරි 15වැනිදා සියයට 66.2%ක් ද ඉකුත් 20 වැනිදා සියයට 18%ක් ද ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීය. කෙසේ වෙතත් ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා මෙම වසරේ සිදුවූ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයට ප්‍රකාරව සියයට 14.12%කින් විදුලි ගාස්තු පහළ දැමීමට කොමිසම පියවර ගෙන තිබිණි.

ඒ අනුව මාස දහහතරක් තුළ විදුලි ගාස්තු සියයට 157%කින් ඉහළ දමා ඇත.

විදුලි බල පනතෙහි 5 වැනි හා 30 වැනි වගන්තිවලට අනුව වසරකදී විදුලි බිල සංශෝධනය (වැඩි හෝ අඩු) කළ හැක්කේ දෙවරක් වුවත් පනතට පටහැනිව තුන්වන වතාවටත් ගාස්තු සංශෝධනය කර ඇතැයි ඉංජිනේරුවෝ ප්‍රකාශ කර සිටිති.

ශිරාන් රණසිංහ

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website