ඉරිදා, 22 ඔක්තෝබර් 2023 10:53

ටෙලිකොම් විකුණන්න සියල්ල හරි.. වත්කම් ගණනය අරඹයි.. Featured

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලික ආයතනයකට විකුණා දැමීම සඳහා මේ වන විට වත්කම් ගණනය කිරීමක් අරඹා ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශය සේවක සංගමය සඳහන් කරයි.

විදේශීය සමාගමක් විසින් මෙම කටයුතු සිදුකරමින් ඇති බව සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසීය.

මෙම තත්ත්වය වැළැක්වීම පිණිස ඉදිරි දිනවල දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ආයතනය වටිනාකම ගණනය කරන්නේ ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක් බවද පවසන ඔහු මෙම ආයතනයේ වගකීම පුද්ගලික අංශයට ණය දීම බවත් පැවසීය.

මේ හරහා සිදු වීමෙන් යන්නේ ඉතා විශාල වංචාවක් බවත් පැවසූ ඔහු ඊට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බවද කියා සිටියේය.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website