බදාදා, 25 ඔක්තෝබර් 2023 07:56

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලියෙන් අඩු කරන ලද රදවා ගැනීමේ බදු ආපසු ගෙවයි. Featured

ජ්‍යේෂඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුමේ පොලියෙන් අඩු කරන ලද රදවා ගැනීමේ ආදායම් බදු ආපසු ඉල්ලුම් කල හැකි බව දෙපාර්තමේන්තුව බැංකුවලට දන්වා ඇත.

වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා පොලිය මත කපා හරින ලද අත්තිකාරම් ආදායම් බදු (AIT) ආපසු ගෙවීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සහන වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.
වැඩිහිටි සාමාජිකයින්ගේ මූල්‍යමය තත්වය යහපැවැත්මට සහය දැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, බැංකු හෝ මූල්‍ය ආයතනය විසින් පොලී ආදායම මත 05% ක පොලී ආදායමක් මත කපා ගන්නා ලද අත්තිකාරම් ආදායම් බදු (AIT) ආපසු ගෙවීමේ වැඩසටහනක් දියත් කරන බව IRD පවසයි.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website