බදාදා, 25 ඔක්තෝබර් 2023 08:21

අරක්කු සමාගම්වලට අවසන් නිවේදනයක්… Featured

ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිඟ බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි.

එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website