බදාදා, 01 නොවැම්බර් 2023 10:34

ඉන්ධන මිල සංශෝධනයක් Featured

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 356කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 423කි.ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 356කි.සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 431කි.රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇත. එහි නව මිල රුපියල් 249කි. ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කරන බව පවසයි.

u88utu

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website